IELTS ගුරුවරු රට යන්නෙ නැත්තෙ ඇයි?

posted in: Blog | 0

“IELTS ගුරුවරු රට යන්නෙ නැත්තෙ ඇයි?”

සාමාන්‍ය පුද්ගලයෙකුට / ශිෂ්‍යයකුට මෙවන් ප්‍රශ්නයක් පැන නගින්න පුළුවන්..

නමුත් මෙම මාතෘකාව තමන්ව IELTS දේශකයකු ලෙස පෙන්වා දෙන ඇතැම් පුද්ගලයන්ගේ  PROMOTIONAL MOTTO එක බවට පත් වී ඇත.

සුදුසුකම් සැපිරු, පළපුරුදු ගුරුවරයෙකු ඉංග්‍රීසි රටක IELTS ඉගැන්වීමේ නිරත නොවීම  සදහා බලපාන මූලික හේතූන් පහත පරිදි වේ.


1.

කිසිදු ඉංග්‍රීසි රටකට, ලංකාව වැනි තුන්වන ලෝකයේ රටක NATIVE STANDARD එකක් තියා, ඊට ආසන්නතම වත් සන්නිවේදන හැකියාවක් නොමැති ගුරුවරුන් ඔස්සේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට ප්‍රවණතාවයක් නොමැතිවීම.


2.

ගෘහ සේවක, සාත්තු සේවිකා, කම්කරු ඇතුළු පහත් මට්ටමේ රැකියාවක් සදහා යොමු වීමට තරම් මානසිකත්වයක් සැබෑ වෘත්තිමය ගුරුවරයෙකුට නොමැතිවීම.

… වැනි කරුණු කාරණාය.

වසර 13ක් ඉංග්‍රීසි විෂයක් ලෙස සහ භාෂාවක් ලෙස ඉගෙනීමෙන් පසුවත්, හරිහැටි සන්නිවේදන හැකියාවක් නොමැති වීමට ප්‍රධානම හේතුව වන්නේ, මෙවැනි ව්‍යාජ ගුරුවරුන්ගේ රැවටිලිකාර පාඨමාලා පමණක්ම නොවේ. එය තේරුම් ගැනීමට තරම් බුද්ධි මට්ටමක් නොමැති බහුතර සිසු පරපුරක් ලංකාව තුළ මුල් සිද ගෙන සිටීමද, මෙවැනි සක්විති වරුන්ගේ, දීර්ඝකාලීන මතුවීමට ප්‍රධානතම හේතුවකි.

එංගලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, හෝ ඇමරිකාව වැනි රටක රැකියාවකට පිටත්වන සුදුසුකම් සැපිරූ කිසිදු වෘත්තිකයකු, ලංකාවේ සිසුන් පිරිසකට උගන්වා මාසික වියදම් ආවරණය කරගැනීමට තරම් ආර්ථික මට්ටමකට කිසිදා පත් නොවෙයි.

එයට හේතු වන්නේ, කලමනාකාර, අධීක්ෂණ, විගණන, උපදේශක වැනි ගෞරවාන්විත රැකියාවල නිරතවන උපාධිධාරී වෘත්තිකයන් හට ඉතා උසස් වැටුපක් එම රටවලින් හිමිවන බැවිනි.

ඉංග්‍රීසි රටවල වතු කම්කරුවන් මෙන් වෙහෙස වී, නින්දක් නො නින්දක් නොමැතිව, පැය 24 ම ගැල් බැදි හරකුන් මෙන්, මුදල් පසුපස ලුහුබඳින, නීතිගතව රාජකාරි කළ හැකි මට්ටමට වඩා තුන් හතර ගුණයක් නීති විරෝධීව ශ්‍රමය යොදන අතර, අනිකාවත් එම කරුමක්කාර ජීවිතයට යොමු කිරීමට උපදෙස් දෙන ගුරු වෘත්තියේ වංචනිකයන්ගෙන් ප්‍රවේශම් වීම ඔබ සතු විය යුතු හැකියාවකි.

STUDENT VISA එකක් යටතේ මූලිකව යම් වෙහෙසක් දැරීමට සිදුවීම මෙහිදී අප විසින් උපහාසයට ලක් නොකරන අතර, මෙම සටහනේ අරමුණ වනුයේ එම තාවකාලික PART TIME ජිවිතයෙන් මිදී නිවැරදිව වෘතිමය ජීවිතය ගොඩනගා ගැනීමේ වටිනාකම ඔබට අවබෝධ කර දීමයි.  

IELTS විභාගය අවශ්‍ය වන්නේ සහ අනුමත කර තිබෙන්නේ විශ්වවිද්‍යාල මට්ටමේ සුදුසුකම් මේ වනවිටත් සපුරා ඇති ඔබ සදහා සහ විශ්වවිද්‍යාලයක උපාධියක් නියමාකාරයෙන් සම්පූර්ණ කර එම රටෙහි පුරවැසිභාවය බලාපොරොත්තුවන ඔබ සදහා පමණි. එසේ නොමැතිව හිඟන්නන් මෙන් සරණාගත වීසා සදහා අයදුම්කර පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල රැඳී සිටීම අරමුණු කරගෙන “හිඟන්නාගේ තුවාලය මෙන්” ආදායම් මට්ටමක් බලාපොරොත්තු වන සරල මිනිසුන් සදහා නොවේ.

IELTS පරීක්ෂණයේදී සිදු කෙරෙන්නේ, ඔබ උපාධි මට්ටමක් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂා හැකියාව ලබාගෙන ඇති බවට තහවුරු කර ගැනීමයි.

IELTS හරියාකාරව අධ්‍යයනය කරන ඔබ, ප්‍රායෝගික ඉංග්‍රීසි භාෂා හැකියාවෙහි ප්‍රවීණයෙකු බවට පත් කිරීම නියම IELTS ගුරුවරයෙකුගේ සැබෑ වගකීමයි.

තව කෙනෙකුට උසස් අධ්‍යාපන වරමක් ලබාදීම අරමුණු කරගත් IELTS වැනි තෝරා ගැනීමේ පරීක්ෂණයක් සමත් කරගැනීම සඳහා අඩුම තරමේ දේශකයකු ලෙස පහත සුදුසුකම් වත් සපුරා තිබීම අනිවාර්යයි.

ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනවේදී උපාධිය [ B.Ed ]

ඉංග්‍රීසි භාෂාව සදහා මූලික උපාධිය
[BA in English Language]

Cambridge Teacher Training Qualifications
[CELTA / DELTA]
හෝ
MA in English.

නිවැරදි මග පෙන්වීමක් යටතේ, හරියාකාර භාෂා පුහුණුවකට පසු, අව්‍යාජව IELTS පාඨමාලාවක් හදාරා, පළමු වර විභාගය සමත්වී, විශ්වවිද්‍යාල ශිෂ්‍යත්වයක් ලබාගෙන, ඉක්මනින්ම ඔබගේ සිහින දේශය කරා පියාසැරීමට භාග්‍යය උදාවේවා!
… යනුවෙන්  ගුරුවරුන් ලෙස අපි එකසිතින් ප්‍රර්ථනා කරන්නෙමු!