Does age affect doing IELTS?

IELTS වලට ඔයාගේ වයස බලපානවද?

posted in: Blog | 0

අපි මේ ගැන කතා කරන්න හිතුවේ හුගක් අය Social Media තුළ අහලා තිබුණු ප්‍රශ්නයක් නිසා. ඒ වගේම  අපගේ අධ්‍යාපන ආයතනයට ලැබෙන ඇතැම් දුරකථන ඇමතුම් වලට පිළිතුරක් විදියට.

සමහර නොදැනුවත් දෙමව්පියන් අහල තියෙනවා 5 වසරෙ ඉන්න හෝ 10 වසරේ ඉන්න දරුවෙකුට IELTS කරන්න තියෙන හොඳම ආයතනය මොකක්ද කියලා, එහෙම නැත්නම් අපිට එන දුරකථන ඇමතුම් වලින් සමහර දෙමව්පියන් අහන්නේ තවමත් අපොස සාමාන්‍ය පෙළ විභාගයවත් අවසන් නොකළ තමන්ගේ දුවට හෝ පුතාට මාස දෙකක් වගේ කෙටි කාලයකින් IELTS පාඨමාලාව කරන්න පුලුවන්ද කියලා.

ඇත්තටම මෙහෙම වෙන්න හේතුව, අපට තේරෙන විදිහට නම් මේ IELTS කියන විභාගය රට යන්න තියෙන විභාගයක් කියල මිනිසුන් අතරට එනකොට IELTS  කියන්නේ අලුත් විභාගයක්ද කියල, ඇතැම් ලාංකිකයන් සතුව හරි ආකාරයේ දැනුමක් නොමැතිවීමයි. මෙහිදී බුද්ධිමත් ඔබ විසින් තේරුම් ගත යුතු වැදගත්ම දෙය නම්, IELTS නම් වූ මෙම ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ විභාගය පවත්වනු ලබන්නේ කවුරුන් උදෙසාද යන කාරණයයි.

යම් ආකාරයකට මේ පිළිබඳව සොයා බැලුවහොත්, IELTS අත්‍යවශ්‍යම වූවන් ලෙස ඔබට හඳුනා ගත හැක්කේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, විශ්වවිද්‍යාල උපාධිධාරීන්, හෝ විදෙස් රටක උපාධි අපේක්ෂිත සිසුන් වැනි පිරිසකට පමණක් බව ඔබට අවබෝධ වනු ඇත.

එබැවින් IELTS සමත් වීම යනු, විශ්වවිද්‍යාල මට්ටමේ ඉංග්‍රීසි භාෂා හැකියාවක් ලිවීම,කියවීම, ශ්‍රවණය සහ කථනය ඔස්සේ ඔප්පු කර පෙන්වීමක් ලෙස අවබෝධ කරගත යුතුය.

එබැවින් කුඩා දරුවෙකු IELTS සදහා යොමු කිරීම කොහෙත්ම ප්‍රායෝගික කටයුත්තක් නොවන්නා සේම, විභාග සදහා අවසර හිමි වීමට නම්, ඔබගේ වයස අනිවාර්යෙන්ම අවුරුදු 16ට වඩා වැඩි විය යුතුය. තමන් සිටිනා වෘත්තිය හෝ තමන් බලාපොරොත්තු වන VISA Category ය අනුව 16 ට වැඩි වයස් සීමාවක ඕනෑම කෙනෙකුට විභාගය සදහා සූදානම් වීමේ සහ පෙනීසිටීමේ හැකියාවක් ඇත.

මෙහිදී තමන්ගේ දරුවා හරහා විදෙස් රටක පදිංචි වීමට අපේක්ෂා කරන දෙමව්පියන් අධෛර්යමත් විය යුතු ම නැත.

එහිදී වයස අවුරුදු 16ට අඩු ඔබගේ දරුවා තෝරාගත යුත්තේ IELTS නොවන නමුත්, ඒ සදහා යෝජිත වෙනත් විභාගයන් ලෙස  පවතින කේම්බ්‍රිජ් KET, PET, FCE සහ CAE යන වෙනත් රටක අධ්‍යාපනය සදහා 100%ක් අනුමත පාසල් සිසුන් සදහා ලබාදෙන ජාත්‍යන්තර මට්ටමේ සහතිකපත්‍ර වන අතර, අපි සතුව වයස අවුරුදු පහේ සිට 16 දක්වා ඕනෑම දරුවෙක් වෙනුවෙන් වසරේ ඕනෑම කාලයකදී පාඨමාලා පැවැත්වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමු.

Share on facebook
Share
Share on twitter
Tweet
Share on linkedin
Post

Follow our courses to yield maximum results. Click below button to register online or call 037 22 22 772 or 071 646 44 66 (WhatsApp only)

IELTS Academic කලා කියන්නේ කෝකටත් තෛලයද?

හුඟක් Sri Lankan applicants ලට ජාත්‍යන්තර විභාග සම්බන්ධයෙන් ලොකු දැනුමක් නැති නිසා, එයාලට හිතෙන්න පුළුවන් Academic කියන බර වචනය ඇතුලේ General කියන සරල වචනයත් Cover වෙනවා කියලා. තවත් විදිහකින් කියනවා නම්, සමහරු හිතන් ඉන්නවා IELTS Academic වලින් Studies වගේම ඉංග්‍රීසි

Read More »
Fake IELTS

Fake IELTS Versus Genuine IELTS

Sometimes you may be shocked after hearing this statement even though there are two approaches to the most popular English exam in the world. The most common or the general method of taking IELTS is, getting genuine guidelines from an expert

Read More »
IELTS General for UKVI logo

IELTS General for UKVI

IELTS General for UKVI (United Kingdom Visa and Immigration) is government approved secure English test for visa and immigration to the UK for work and vocational training purposes. As the already known common General IELTS exam, here at UKVI, they

Read More »

IELTS යකා කියන තරම් කළුද?

IELTS ගැන ගොඩක් අපේ ලාංකිකයන් අතර තියෙන්නෙ පුදුමාකාර බයක්. හුගාක් වෘත්තිකයන්ට IELTS තියෙනවා නම් ලක්ෂ පහළොවකට වඩා වැඩි මාසික වැටුපකට,පළමු පන්තියේ රැකියාවක් එක්ක දියුණු රටකට යනවා කියන්නේ, තවදුරටත් හීනයක් නෙවෙයි. ඒත් IELTS නැති නිසාම කෝටි ගාණක් degree වලට වියදම් කර

Read More »

IELTS නැතුව රට යන්න එපා…

මේ වෙලාවේ හැමෝම ඉන්නේ මේ රටෙන් යන්න බලාගෙන… එහෙම නේද? තමන්ගේ අධ්‍යාපනය ගැන හීන, රැකියා හීන, ව්‍යාපාරික හීන, වගේ හැම හීනයක්ම ඇස් පනා පිට මිය යද්දී, ජීවිතයේ හරි හම්බකරපු හැම දේම උකස් කරලා, ලොකු හීනයක් එක්ක passport එකක් හදාගෙන රට

Read More »