IELTS Academic කලා කියන්නේ කෝකටත් තෛලයද?

posted in: Blog | 0

හුඟක් Sri Lankan applicants ලට ජාත්‍යන්තර විභාග සම්බන්ධයෙන් ලොකු දැනුමක් නැති නිසා, එයාලට හිතෙන්න පුළුවන් Academic කියන බර වචනය ඇතුලේ General කියන සරල වචනයත් Cover වෙනවා කියලා. තවත් විදිහකින් කියනවා නම්, සමහරු හිතන් ඉන්නවා IELTS Academic වලින් Studies වගේම ඉංග්‍රීසි රටක Work කරන්නත් පුළුවන් කියලා. හොඳින් මතක තියාගන්න “ඒක එහෙම වෙන්නේ නෑ” කියන කාරණාව. IELTS Academic වලින් PR Path එකට Direct Enter වෙන්න පුළුවන් වෙන්නේ Medical field එකේ එහෙම නැත්නම් Lecturing field එක වගේ තෝරා ගත් Skilled Professionals ලා කීප දෙනෙකුට විතරයි.

ඔයාලා Work කරන්න බලාපොරොත්තු වෙන Field එක Engineering, Caretaking, Culinary, Beauty culture, වගේ Day-to-day life එකට අදාළ Profession එකක් නම්, Embassy එකට Submit කරන්න ඕනේ Documents ඔක්කොටම කලින් IELTS General required mark එක Achieve කරන්නම වෙනවා.

නමින් General උනාට Reading Marking scheme එක Academic වලට වඩා Band score එකෙන් වැඩියි. ඒ කියන්නේ Academic reading paper එකේ 16/40 ගන්න කෙනාට 5.0 හම්බ උනාට, General reading වලදී ඒ score එක ගන්න කෙනාට හම්බවෙන්නේ 4.0.