IELTS නැතුව රට යන්න එපා…

posted in: Blog | 0

මේ වෙලාවේ හැමෝම ඉන්නේ මේ රටෙන් යන්න බලාගෙන… එහෙම නේද?

තමන්ගේ අධ්‍යාපනය ගැන හීන, රැකියා හීන, ව්‍යාපාරික හීන, වගේ හැම හීනයක්ම ඇස් පනා පිට මිය යද්දී, ජීවිතයේ හරි හම්බකරපු හැම දේම උකස් කරලා, ලොකු හීනයක් එක්ක passport එකක් හදාගෙන රට යන එක විතරමයි තමන්ට ඉතුරු වෙලා තියෙන්නේ කියලා අලුතින් ම හීනයක් හදා ගන්නවා.

එතනදි අපි හැමෝම මතක තියාගත යුතු ගොඩක් වැදගත් කාරණාවක් තියෙනවා. හීන මවන එක කොච්චර ලේසි වුණත්, හීනයක් කරා ළඟාවීම කියලා කියන්නේ, ඉතාම හොඳින් සැලසුම් කළ යුතු භාරදූර කාර්යයක්.

ඉංග්‍රීසි රටකට ගිහිල්ලා, ඒ රටේ ඉංග්‍රීසි කතා කරන අයත් එක්ක හොඳින් සම්බන්ධ වෙලා, තමන්ගේ දක්ෂතාවය ඉංග්‍රීසි මාධ්‍ය උපාධියකින් ඔප්පු කරලා, පළමු පන්තියේ රැකියාවක් හරහා පුරවැසිභාවය හදාගන්න තරම් සුදුසුකම් සපුරා ගන්නවා කියන්නේ, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දක්ෂකමක්.

එහෙම නැතුව  කසල-ශෝධකයෝ, රෝහල් කම්කරුවෝ වගේ තුන්වැනි පන්තියේ රැකියාවල් වලට කිසිම සුදුසුකමක් නැතිව අයදුම් කරන්න පුළුවන් කියලා Ad එකක් දැක්ක පලියට, Apply කරන එක නම් මාරම risk එකක්.

මොකද එහෙම ගිහින් PR හදා ගන්නවා කියන්නේ, හිඟන්නෙකුට දෙන අවසර පත්‍රයක් වගේ දෙයක්.

ඉතින් ගෞරවයක් ඇතිව රටකට ගිහිල්ලා, හරි ආකාරයේ පිළිගත් සුදුසුකමකින් පස්සේ, පලවෙනි පන්තියේ පුරවැසියෙක් වෙන්න පුළුවන්කම තියෙද්දි, ඇයි අපි ඒ වගේ දුක්බර සහ කටුක මාර්ගයක් තෝරා ගන්නේ?

ඒක නිසා අපි නම් යෝජනා කරන්නේ පැහැදිලි සහ ක්‍රමානුකූල මාර්ගයක්.

මුලින්ම විදේශීය ජීවන රටාව පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් සහිත, ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ප්‍රවීණ වූත්,  සියලු සුදුසුකම් සැපිරූත්, අත්දැකීම් බහුල අපගේ ආචාර්ය මණ්ඩලය හරහා ඔබගේ ප්‍රායෝගික ඉංග්‍රීසි භාෂා කුසලතාවය, ඉංග්‍රීසි රටක ජීවත්විය හැකි මට්ටමක් දක්වා වර්ධනය කර ගන්න.

දෙවනුව, IELTS වැනි උසස් තරග විභාගයක් අප හරහා සමත් වී, Visa අයදුම් කිරීමට සූදානම් වන්න.

තෙවනුව, තමාගේ අධ්‍යාපන, මූල්‍යමය සහ අනාගත හීන මත පදනම් වෙමින්, යා යුතු රට සහ ඒ සදහා වූ මාර්ගය තීරණය කරන්න.

සියල්ල සාර්ථකව නිම කළ පසු,   සතුටින් සහ ශක්තිමත්ව සිහිනය කරා ගුවන්ගත වන්න.

Share on facebook
Share
Share on twitter
Tweet
Share on linkedin
Post

Follow our courses to yield maximum results. Click below button to register online or call 037 22 22 772 or 071 646 44 66 (WhatsApp only)

IELTS Academic කලා කියන්නේ කෝකටත් තෛලයද?

හුඟක් Sri Lankan applicants ලට ජාත්‍යන්තර විභාග සම්බන්ධයෙන් ලොකු දැනුමක් නැති නිසා, එයාලට හිතෙන්න පුළුවන් Academic කියන බර වචනය ඇතුලේ General කියන සරල වචනයත් Cover වෙනවා කියලා. තවත් විදිහකින් කියනවා නම්, සමහරු හිතන් ඉන්නවා IELTS Academic වලින් Studies වගේම ඉංග්‍රීසි

Read More »
Fake IELTS

Fake IELTS Versus Genuine IELTS

Sometimes you may be shocked after hearing this statement even though there are two approaches to the most popular English exam in the world. The most common or the general method of taking IELTS is, getting genuine guidelines from an expert

Read More »
IELTS General for UKVI logo

IELTS General for UKVI

IELTS General for UKVI (United Kingdom Visa and Immigration) is government approved secure English test for visa and immigration to the UK for work and vocational training purposes. As the already known common General IELTS exam, here at UKVI, they

Read More »

IELTS යකා කියන තරම් කළුද?

IELTS ගැන ගොඩක් අපේ ලාංකිකයන් අතර තියෙන්නෙ පුදුමාකාර බයක්. හුගාක් වෘත්තිකයන්ට IELTS තියෙනවා නම් ලක්ෂ පහළොවකට වඩා වැඩි මාසික වැටුපකට,පළමු පන්තියේ රැකියාවක් එක්ක දියුණු රටකට යනවා කියන්නේ, තවදුරටත් හීනයක් නෙවෙයි. ඒත් IELTS නැති නිසාම කෝටි ගාණක් degree වලට වියදම් කර

Read More »

IELTS නැතුව රට යන්න එපා…

මේ වෙලාවේ හැමෝම ඉන්නේ මේ රටෙන් යන්න බලාගෙන… එහෙම නේද? තමන්ගේ අධ්‍යාපනය ගැන හීන, රැකියා හීන, ව්‍යාපාරික හීන, වගේ හැම හීනයක්ම ඇස් පනා පිට මිය යද්දී, ජීවිතයේ හරි හම්බකරපු හැම දේම උකස් කරලා, ලොකු හීනයක් එක්ක passport එකක් හදාගෙන රට

Read More »