IELTS යකා කියන තරම් කළුද?

posted in: Blog | 0

IELTS ගැන ගොඩක් අපේ ලාංකිකයන් අතර තියෙන්නෙ පුදුමාකාර බයක්.

හුගාක් වෘත්තිකයන්ට IELTS තියෙනවා නම් ලක්ෂ පහළොවකට වඩා වැඩි මාසික වැටුපකට,පළමු පන්තියේ රැකියාවක් එක්ක දියුණු රටකට යනවා කියන්නේ, තවදුරටත් හීනයක් නෙවෙයි. ඒත් IELTS නැති නිසාම කෝටි ගාණක් degree වලට වියදම් කර ගෙන, කෑමක් බීමක් නින්දක් නැතුව, සතියේ දවස් හයම කවදාවත් ලංකාවෙදි කරපු නැති තරම්, කැත කුණුගොඩවල් part time jobs විදිහට එහෙට මෙහෙට අදින ගමන්, අවුරුදු ගාණක් ඒ රටවල් වල කන කට්ටත් එක්ක බලපුහාම නම්, IELTS කියන්නේ ආශිර්වාදයක්.

ඇත්තටම IELTS වලදී කරන්නේ, ඔයාලට ඉංග්‍රීසි රටක ඉගෙන ගන්න පුළුවන් මට්ටමට, වැඩ කරන්න පුළුවන් මට්ටමට සහ ජීවත්වෙන්න පුළුවන් මට්ටමට, English හදන එක.

Preschool යන කාලේ ඉඳලා, අවුරුදු 13 කටත් වඩා එක දිගට ඉංග්‍රීසි ඉගෙන ගෙනත්, තවමත් හිතලා මතලා කතා කරන්න බැරිනම්, foreigner කෙනෙක් කතා කරන English හරියට අහල තේරුම් ගන්නත් බැරි නම්, English newspaper එකක් වත් ඉක්මනට කියවලා තේරුම් ගන්නත් බැරි නම්, මේ ලෝකයේ අපි හැමෝටම බලපාන වර්තමාන තත්වයක් ගැන වචන 250 ක් වත් ලියාගන්නත් බැරිනම්…

ඇත්තටම ඉංග්‍රීසි රටක, ඉංග්‍රීසි මිනිස්සුත් එක්ක, ඉංග්‍රීසි ජීවන රටාවක් ගත කිරීම … අමාරු වෙයි නේද?

ඉතින් IELTS වල දී අපි කරන්නේ, ඔයාලගේ ඔන්න ඔය කිව්ව අනාගත ජීවිතේ ලස්සන කරගන්න හරියටම හරි විදිහේ මාර්ගෝපදේශනයක් ලබා දෙන එක.

ඉතිං ඇත්තටම IELTS ඔයාලට කලින් පෙනුනේ යකෙක් වගේ නම්, මම හිතන්නේ අපේ මේ විස්තරයෙන් පස්සේ, IELTS තුළින් ඔයාව දෙවි කෙනෙක් කරන විදිහ හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා.

… හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා, ඔයාගේ හැම ප්‍රාර්ථනයක් ම ඉටු වේවා කියලා !!!